විදුලිබල පනත සරල බහුතරයකින් සම්මත කළ හැකියි


යෝජිත නව විදුලිබල පනත සහ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිගමනය කරන ලද සංශෝධන, පාර්ලිමේන්තුවේ බලශක්ති ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් අනුමත කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

ඒ අනුව එම පනත හෙට (06දා) පාර්ලිමේන්තුවේ විවාදයට සහ අනුමත කිරීමට ඉදිරිපත් කිරීමට නියමිතය. 

විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ අඩංගු එම නව විදුලිබල පනත, ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය අනුව ඉදිරිපත් කළ සංශෝධන අනුගත කරමින් පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බව අමාත්‍යවරයා සඳහන් කරයි. 

 



Recommended Articles